දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි එකම ඔරං ඔටං සත්ත්වයා මියගොස් ඇතැයි වාර්තා වෙනවා.
මියයන විට එම සත්ත්වයාට වයස අවුරුදු 15ක් පමණ වූවා.
මෙම සත්ත්වයා දෙහිවල සත්ත්ව උද්‍යානයට ඉන්දුනීසියාවේන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ගෝනි ඔරං ඔටං යුවළට දාව 2009 වර්ෂයේ දී උපත ලැබූ සත්ත්වයක් වනවා.
සත්වෝද්‍යාන ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර සිටියේ, එම ඔරං ඔටං සත්ත්වයා දින තුනකට පමණ පෙර අසනීප තත්ත්වයෙන් පසු වූ බවය.
කෙසේ වුවද මේ වනවිට ඔරං ඔටං සත්ත්වයාගේ මළ සිරුර මරණ පරීක්ෂණ කටයුතු සඳහා පේරාදෙණිය පශු වෛද්‍ය පීඨය වෙත යොමු කර ඇත.

