මහ මැතිවරණයට අදාළව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂයින් සම්බන්ධයෙන් වන ලිපි ගොනු සම්පූර්ණ කර නීතිමය කටයුතු සඳහා හැකි ඉක්මනින් පොලීසියට ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට දැනුම් දී තිබෙනවා.
අදායම් වියදම් වාර්තා භාර දීම සඳහා සහන කාලය ද අවසන් ව ඇතත් තවත් අපේක්ෂකයින් පිරිසක් ආදායම් වාර්තා ලබා දී නොමැති බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් අපේක්ෂකයින්ට එරෙහිව නීතියම ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් පවතින බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා.
මේ අතර ආදායම් වියදම් වාර්තා ලබා නොදුන් ජනාධිපතිවරණ අපේකෂයින් 5 දෙනෙකුට එරෙහිව එලැඹෙන සතියේදී නඩු පැවරීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ.
ජනාධිපති අපේක්ෂයින් 12 දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබා දී නොමැති අතර ඔවුන්ගෙන් 7 දෙනෙකුට මේ වන විට නඩු පවරා තිබෙනවා.

