බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයක්

මේ වන විට බන්ධනාගාර නිලධාරින් 1800ක ගේ පමණ හිඟයක් පවතින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී බී දිසානායක මහතා සඳහන් කරනවා.

මෙම නිලධාරි හිඟය හේතුවෙන් සෝදිසි කිරීම්වලට බලපෑම් එල්ලවී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එසේම දැනට දිවයිනේ බන්ධනාගාරවල රැඳවියන්ගේ ධාරිතාව 300% දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු සඳහන් කළා .

රැඳවියන් පරීක්ෂාව සඳහා තාක්ෂණික සහය ලබා ගැනීමට යෝජනා ඉදිරිපත් කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.