ඉදිරි වසර කිහිපය තුළ රට නව දිශානතියකට ගෙන ඒම සඳහා ප්‍රධාන වැඩපිළිවෙළවල් 03ක් දැනටමත් ප්‍රකාශ කර තිබෙන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය, රට ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සහ ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීමේ වැඩපිළිවෙළ ඒ අතර වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ශ්‍රී ලංකාව ආර්ථික, සමාජයීය, දේශපාලන, සංස්කෘතික යන සෑම අතින්ම ගොඩගැනීමට මෙන්ම සහ පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

