ඇමරිකාවට දැවැන්ත හිම කුණාටුවක අවධානමක්

දශකයකට වැඩි කාලයක් තුළ සටහන් වුණු දරුණුම හිම පතනය සහ ශීතලම උෂ්ණත්වය ගෙන ආ හැකි දැවැන්ත ශීත කුණාටුවක අවධානමක් ඇමරිකාවට මතු වී තිබෙනවා .

ඇමරිකාවේ මාධ්‍ය ප්‍රදේශයෙන් ආරම්භ වූ කුණාටුව ඉදිරි දින කිහිපය තුළ නැගෙනහිර දෙසට ගමන් කරනු ඇති බවයි ඇමරිකාවේ ජාතික කාලගුණ සේවය (NWS) සඳහන් කරන්නේ.

ආක්ටික් ප්‍රදේශය වටා සංසරණය වන සීතල වාතය සහිත ප්‍රදේශයක් වන ධ්‍රැවීය සුලිය නිසා මෙම ආන්තික කාලගුණය ඇති වන බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

මේ හේතුවෙන් 2011 වසරේ සිට ඇමරිකාවට බලපෑ සීතලම ජනවාරි මාසය ඇති විය හැකි බවයි වාර්තා වෙන්නේ .

මේ හේතුවෙන් මාර්ගවල ගමන් කළ නොහැකි තත්ත්වයක් ද ඇති විය හැකි අතර ගුවන් ගමන් වලට ද බාධා ඇති විය හැකි බවට පුරෝකථනය කර තිබෙනවා .