ඇමරිකාව ඩොලර් බිලියන 08ක ආයුධ ඊශ්‍රායලයට විකුණයි

ඇමරිකාව විසින් ඩොලර් බිලියන අටක් වටිනා තවත් අවි ආයුධ තොගයක් ඊශ්‍රායලයට අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට ජනාධිපති ජෝ බයිඩ්න් ධූරයෙන් ඉවත් වීමට පෙර මෙම තීරණය ගෙන ඇති බවයි.

කෙසේවෙතත් මෙම ගනුදෙනුව සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ සෙනෙට් කමිටුවල අනුමැතිය අවශ්‍ය වනවා.

අදාළ ආයුධ තොගය අතර, මිසයිල, හෙල්ෆයර් මිසයිල, කාලතුවක්කු උණ්ඩ සහ බෝම්බ අඩංගු බව ද සදහන්.

ඊශ්‍රායලයට විශාලතම ආයුධ සපයන්නා වන ඇමෙරිකාව, පසුගිය අගෝස්තු මාසයේදී ද ඩොලර් බිලියන 20 ක ප්‍රහාරක ජෙට් යානා සහ අනෙකුත් යුද උපකරණ අලෙවි කර තිබුණා.