ඉන්ධන මිල සංශෝධනය වෙයි

අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

භූමිතෙල් මිල රුපියල් 5කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 183ක් වනවා.

අනෙකුත් ඉන්ධන මිල ගණන් සංශෝධනයකින් තොරව ක්‍රියාත්මකය.