2024 යල කන්නයේ වගා හානිවලට අදාළව සියලු වන්දි ලබන ජනවාරි 05 වන දිනට පෙර ගෙවා අවසන් කිරීමට කටයුතු යොදා ඇති බව කෘෂිකර්ම සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය නිවේදනය කරනවා.
2024 මාර්තු මස සිට ඔක්තෝම්බර් කාලය දක්වාම යල කන්නයට නියඟ, ගංවතුර ආදී තත්ත්වයන් සහ වල් අලි හානි හේතුවෙන් වී වගාව ඇතුළු අනෙකුත් වගාවන් විනාශ වීමට ලක් වුණා.
ජනවාරි 05 වන විටදී සියලුම දිස්ත්රික්කවලට වගා හානි ගෙවීමට කටයුතු යොදා ඇති අතර, මේ වන විට 80% කට ආසන්න ගොවීන් ප්රමාණයකට රුපියල් මිලියන 80කට ආසන්න මුදලක් ගෙවීමට හැකියාව ලැබී ඇති බව ද අදාළ නිවේදනයේ දැක්වෙනවා.
ඉතිරි ගොවීන් සියලුදෙනාටම ජනවාරි 05 දින වන විටදී අදාළ වන්දි මුදලින් ගෙවීමට කටයුතු කර ඇත.
මෙහිදී එම වන්දි මුදල ඍජුවම ගොවියාගේ බැංකු ගිණුමට බැර කිරීමට කටයුතු යොදා ඇති අතර, මෙහිදී වන්දි මුදල් ඉතාම ප්රවේසම් සහිතව හා විනිවිඳව ගෙවීමට කටයුතු සලසා ඇති බව ද සඳහන් වේ.
2024/ 2025 මහ කන්නයට අදාළ වන්දි මුදල් පෙබරවාරි මාසයේ මුල වන විට ගෙවීමට කටයුතු යොදා ඇති බව ද අදාළ නිවේදනයේ තවදුරටත් දැක්වේ.

