පිලිපීනයේ තවත් භූ කම්පනයක්

පිලිපීනයේ – ලු‍සොන් ප්‍රදේශයේ රිච්ටර් මාපක 5.6 ක භූ කම්පනයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම භූ කම්පනය කිලෝමීටර් 10 ක් පමණ පොළොව අභ්‍යන්තරයට විහිදී ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

කෙසේවෙතත් භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානියක් වාර්තා වී නොමැති අතර, පිලිපීන කාලගුණ ආයතනය පෙන්වා දෙන්නේ භූමිකම්පනයෙන් තවත් පසු කම්පන ඇති විය හැකි බවයි.

ගිනිකඳු ක්‍රියාකාරකම් සහ භූමිකම්පා නිතර සිදුවන පැසිෆික් සාගරයේ පිහිටා ඇති පිලිපීනයට පසුගිය දා ද භූ කම්පනයක් වාර්තා වුණා.