දශක හතරකට වැඩි කාලයක් පුරා ජපානයේ Suzuki මෝටර් සමාගමට නායකත්වය දුන්, Osamu Suzuki අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු මිය යන විට 94 හැවිරිදි වියේ පසු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
1978 වසරේ දී Suzuki සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා බවට පත් වූ ඔහු 2021 වසර දක්වා සමාගමට නායකත්වය දෙමින් කටයුතු කළා .
ජපානය මෙන්ම ඉන්දියාවේ ද මෝටර් රථ වෙළඳපොළ සවිමත් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ අයෙකු ලෙසයි ඔසාමු සුසුකි සැලකෙන්නේ.
අඩු වියදමකින් වාහනයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය අනුව ජපානයටම විශේෂිත වූ මිල අඩු 660-cc මෝටර් රථ නිෂ්පාදනයට ඔහු ගත් පියවර කා අතරත් ප්‍රසිද්ධ වී තිබෙනවා.

