වගා හානි සිදුකරන සහ ජන ජීවිතයට බාධාවක් වී ඇති රිලවුන් වන්ද්‍යාකරණයට ලක් කිරීමේ නියමු ව්‍යාපෘතියක් මාතලේ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර තිබෙනවා.
ප්‍රදේශවාසීන්, පශූ වෛද්‍යවරුන්ගේ සහ කෘෂිකර්ම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මාතලේ ඉහළ හරස්ගම ප්‍රදේශයෙන් ඊයේ මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවා.
මෙහිදී ආහාර සහිත උගුල් කූඩු කිහිපයක් යොදා රිලවුන් අල්ලාගෙන ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානය වෙත රැගෙන යෑමට නියමිතයි.
එහිදී එම රිලවුන් වන්ධ්‍යාකරණය කර යළිත් එම ප්‍රදේශවලටම මුදා හැරෙනවා.

