දූෂණය හා වංචාව වැළැක්වීමට වත්මන් රජය ගෙනයන වැඩපිළිවෙළට පූර්ණ සහය දෙන බව කැනඩාව පවසනවා.
ශ්රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් එරික් වොල්ෂ් මහතා ඊයේ (12) පෙරවරුවේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අවස්ථාවේ අවධාරණය කළේ, දූෂණය සහ වංචාව වැළැක්වීම සඳහා වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙළට කැනඩා රජයේ සහාය ලබාදෙන බවය.
ඒ සම්බන්ධයෙන් කැනඩා රජයේ අත්දැකීම් ශ්රී ලංකා රජය සමග බෙදා ගැනීමට ද මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු වී ඇති බව සඳහන්.
ශ්රී ලංකාවේ ආර්ථික පසුබෑමට හේතුව පැවති දේශපාලන සංස්කෘතිය බව පෙන්වාදුන් එරික් වොල්ෂ් මහතා පවසා ඇත්තේ, වත්මන් රජය එම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට ගන්නා උත්සාහය ඇගයීමට ලක් කරන බවයි.

