ජන හා නිවාස සංගණනයේ තොරතුරු රැස්කිරීමේ අදියරයේ කටයුතු 2024 වසරේ ඔක්තොබර් මාසයේ 07 වෙනිදා ආරම්භ කළ බව ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න පවසනවා.
මෙම සංගණනය සිය දෙපාර්තමේන්තුව විසින් සංගණන අඥාපනත යටතේ පැවැරී ඇති බලතල අනුව සිදු කරන බවත් කිසිසේත්ම සැකයක් ඇති කර යුතු නොමැති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කරනවා.
එමෙන්ම සංගණන කටයුතු සඳහා නිවාස වෙත පැමිණෙන ගණන් ගැනීමේ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදීමට කිසිදු බියක් ඇති කරගත යුතු නොමැති බවයි ඇය පැවසුවේ.
මෙම සංගණනය හරහා ඉදිරි වසර 10 සඳහා ජාතික ප්‍රතිපත්ත සම්පාදනයට, සැලසුම් සකස් කිරීමට අවශ්‍ය වෙන තොරතුරු ලබා දෙන බවයි ඇය පවසන්නේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනෝජා සෙනෙවිරත්න,
”2023 වසරේ ඔක්තොබර් මාසේ ආරම්භ කළා සෑම නිවසකට, ගොඩනැගිල්ලකටම රතුපාට ලේබලයක් අලවන්න. ඒ ලේබලය පදනම් කර ගනිමින් තමයි නිවාසවල ජීවත් වෙන පුද්ගලයන්ගේ සහ ඒ නිවාසවල තොරතරු රැස්කිරීම අපි සිදුකළේ. මෙම ගණන් ගැනීමේ අදියරයේ කටයුතු දෙසැම්බර් 23 වනදායින් අවසන් වෙන්න සියලු කටයුතු සැලසුම් කරලා තියෙනවා. දෙසැම්බර් 19 දිනය සංගණන දියන විදිහට ප්‍රකාශයට පත්කරලා ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා විසින් නිකුත්කරලා තියෙනවා. ඒ අනුව ගණන් ගන්නා නිලධාරියෙක් සංගණනය සඳහා තොරතුරු රැස්කිරීමට ඕබේ නිවසට නොපැමිණියහොත් 1901 දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස සියලුදෙනාම දැනුවත් කරනවා.”

