රුපියල් මිලියන 206,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්

රුපියල් මිලියන 206,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 11 වන දා සිදු කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

දින 91 කින් කල් පිරෙන රුපියල් මිලියන 76,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම දින 182 කින් කල් පිරෙන රුපියල් මිලියන 90,000 ක් වටිනා බිල්පත් මෙහිදී වෙන්දේසි කරනු ඇත .

එමෙන්ම, දින 364 කින් කල් පිරෙන රුපියල් මිලියන 40,000 ක භාණ්ඩාගාර බිල්පත්ද මෙහිදී වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.