කොංගෝවේ “Disease X” ලෙස නම් කරන ලද අද්භූත ආසාදනයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 79 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .
එම රෝගය සම්බන්ධයෙන් පළමු වරට අනාවරණය කර ගැනුනේ පසුගිය ඔක්තෝබර් 24 වැනි දිනයි .
උණ, හිසරදය, කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතාව සහ රක්තහීනතාවය මෙම ආසදානයේ ලක්ෂණ ලෙස හඳුනා ගෙන තිබෙනවා.
මේ වන විට රෝගීන් 376 ක් හඳුනාගෙන ඇති අතර ඉන් 200 කට ආසන්න සංඛ්‍යාවක් ළමුන් වන බවයි වාර්තා වෙන්නේ.
මෙම ආසාදනය වාතය හරහා පැතිරෙන බවටයි එරට සෞඛ්‍ය බලධාරීන් සැක පළ කරන්නේ .

