ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් නියම කර ඇති දැඩි ආදායම් ඉලක්කවලට අනුගත වෙමින් 2025 අයවැයට පෙර, ප්‍රමාද වූ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කරන බව ශ්‍රී ලංකා රජය පවසනවා.
ආහාර සහ ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයන සඳහා පවා මුදල් සපයා ගැනීමට විදේශ විනිමය අවසන් වීමෙන් පසු, ඉකුත් 2022 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාව ඩොලර් බිලියන 46ක විදේශ ණය ගෙවීම නිල වශයෙන් පැහැර හැරියා.
අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඒ සඳහා ණය පැකේජයක් ලබා දුන් අතර රටේ මූල්‍ය තත්ත්වය ස්ථාවර කිරීම ඉලක්ක කර ගනිමින්, ප්‍රතිසංස්කරණ යෝජනා කිරීමෙන් පසු රටේ ආර්ථිකය මේ වන විට යථා තත්ත්වයට පත්ව තිබෙනවා.
එවන් තත්ත්වයක් තුළ, ඊයේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරි මාස හතරක කාලයක් සඳහා අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පැවසුවේ, ණය ප්‍රතිව්‍යුහගත කිරීම වසර දෙකකට වැඩි කාලයක් ප්‍රමාද වී ඇති අතර, එමඟින් සමුච්චිත පොලී වශයෙන් රටට අමතර ඩොලර් බිලියන 1.7ක් වැය වී ඇති බවයි.
එසේ ම “දෙසැම්බර් 31 වන විට ද්විපාර්ශ්වික ණය සහ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” යනුවෙන් ද ඔහු සඳහන් කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක සැප්තැම්බර් මාසයේදී බලයට පත් වූ අතර, තම රජය ලබන වසර සඳහා වන එහි පළමු ආදායම් සහ වියදම් යෝජනා පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවට පසුගිය දා පාර්ලිමේන්තුව අමතමින් සඳහන් කළා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 2.9ක සිව් අවුරුදු ණය වැඩසටහන පවත්වාගෙන යාමේ ප්‍රධාන කොන්දේසියක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවල ඩොලර් බිලියන 12.55 ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජය විසින් එකඟ වන ලද ගනුදෙනුවට ගරු කරන බවද වත්මන් ජනාධිපතිවරයා සිය රාජාසන කතාවේ දී සඳහන් කළා.
කෙසේ නමුත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට සහ නව ණය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල් වෙත ආපසු යාමට ඉඩ සැලසීමට තවමත් ගිවිසුම් අත්සන් කර නැහැ.
නමුත් මෙරට පුද්ගලික ණය දෙන්නන්ගෙන් බහුතරයක් ඉකුත් සැප්තැම්බර් මාසයේ දී ඔවුන්ගේ ණය සඳහා 27%ක කප්පාදුවක් කිරීමට එකඟ වී තිබෙනවා.
කෙසේ නමුත් වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුතු, වත්මන් පාලක පක්ෂය වන ජාතික ජන බලය මීට පෙර ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගනුදෙනුව ජාතියට අසාධාරණයක් ලෙස විවේචනය කර තිබූ අතර බලයට පත්වීමෙන් පසු, අදාළ ගිවිසුම පිළිබඳව නැවත සාකච්ඡා කිරීමට පොරොන්දු වුණා.
මේ අතර සැප්තැම්බර් මාසයේදී එකඟ වූ සහ නව පරිපාලනය විසින් අනුමත කරන ලද ගනුදෙනුවේ කොටසක් ලෙස, බැඳුම්කර හිමියන් කල් ඉකුත් වූ පොලී ගෙවීම් මත 11%ක කප්පාදුවක් ද කැමැති වී තිබෙනවා.

