දකුණු කොරියාව යුධ නීතිය ප්‍රකාශ කරයි

දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් රූපවාහිනී දේශනයක් අතරතුර දී යුද නීතිය ප්‍රකාශ කර තිබෙනවා.

උතුරු කොරියාවට සහ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්වලට අනුකම්පා කරන බවට රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂයට චෝදනා කරමිනුයි ඔහු මෙලෙස යුද නීතිය ප්‍රකාශ කර ඇත්තේ .

“උතුරු කොරියාවේ කොමියුනිස්ට් බලවේගවලින් එල්ල වන තර්ජනවලින් නිදහස් දකුණු කොරියාව ආරක්ෂා කර ගැනීමට සහ රාජ්‍ය විරෝධී කොටස් තුරන් කිරීමට… මම මෙයින් හදිසි යුද නීතිය ප්‍රකාශ කරමි,” යනුවෙන් ඔහු මෙහි දී ප්‍රකාශ කර තිබෙනවා .

කෙසේවෙතත් යුධ නීතිය යටතේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඔහු කිසිවක් ප්‍රකාශ කර නැහැ .