අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට

අබුඩාබි T10 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගන්නට මහීෂ් තීක්ෂණ නියෝජනය කළ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අවසන් මහා තරගයේදී චරිත් අසලංක ක්‍රීඩා කළ සැප් ආමි කණ්ඩායම කඩුලු 8කින් පරාජය කරමින්.

අබුඩාබිහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සැප් ආමි කණ්ඩායම නියමිත පන්දුවාර 10 අවසානයේදී කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 104ක්.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 33ක් සහ චරිත් අසලංක ලකුණු 13ක් රැස්කළා.

මහීෂ් තීක්ෂණ ලකුණු 20කට එක් කඩුල්ලක් දවා ගත්තා.

සුපිරි හඹා යෑමක නිරත වූ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 6යි පන්දු 5කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 110ක් ලබා තරගය ජය ගත්තා.

ටොම් කොලර් කැඩ්මෝර් පන්දු 21කින් නොදැවී ලකුණු 56ක් රැස්කළා.

ඒ අනුව ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම මෙවර අබුඩාබි T10 තරගාවලියේ ශූරතාව දිනා ගත් අතර ඔවුන් මෙම ශූරතාව දිනාගත් තෙවැනි අවස්ථාව ද මෙය වනවා.