වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් කිරීමට ඔස්ට්‍රේලියාවේ සෙනෙට් සභාව අනුමත කර තිබෙනවා .
තාක්ෂණික සමාගම් මේ සඳහා අනුකූල නොවන්නේ නම් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50ක් දක්වා වූ දඩ පැනවීමට ද ඔවුන් එකඟ වී තිබෙනවා .
අගමැති Anthony Albanese පවසන්නේ සමාජ මාධ්‍ය වලින් සිදු වන හානිය අවම කර ගැනීම සඳහා මෙලෙස නීති පැනවීමේ තීරණයක් ගත් බවයි .
කෙසේවෙතත් විවේචකයින් පවසන්නේ මෙම තහනම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් නොමැති බවත් සමාජ සම්බන්ධතාව කෙරෙහි එහි බලපෑම පිළිබඳ ප්‍රශ්නවලට ද පිළිතුරක් ලබා දී නොමැති බවත්ය .
කුමන වේදිකා තහනම් කරන්නේද යන්න නීති සම්පාදනයේ සඳහන් නොවන අතර YouTube වැනි ගිණුමක් නොමැතිව ප්‍රවේශ විය හැකි වෙබ් අඩවි මෙන්ම ක්‍රීඩා සහ messaging apps ආදිය තහනම් නොවනු ඇති බවයි වාර්තා වෙන්නේ .

