පළාත් පාලන ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ අවධානය

පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්විය හැකි දින වකවානූ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායකගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වූ සාකච්ඡාවක දී මේ බව සඳහන් කර තිබෙනවා .

කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සඳහා නිශ්චිත දිනයක් එහිදී තීරණය වී නොමැති අතර ඉදිරි දිනවල දී යළි කොමිසම රැස්වී අවසන් තීන්දුවක් ගැනීමට බලාපොරොත්තු වන බවයි සභාපතිවරයා සඳහන් කළේ.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය අනුව පළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස නියෝගයක් ලබා දුන්නා.

ඒ, පසුගිය වසරේ මාර්තු මස 09 වනදා නියමිත පරිදි පළාත් පාලන ඡන්දය නොපැවැත්වීමෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තීන්දුව ලබා දෙමින්.

පසුගිය අගෝස්තු 22 වනදා මෙහි තීන්දුව ලබා දෙමින් ශ්‍රේෂ්ඨාධීකරණය නියෝග කළේ, එවක මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සහ එවක මුදල් අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.

ඒ අනුව, කඩිනමින් පළාත් පාලන ඡන්දය පවත්වන ලෙස නියෝග කෙරුණා.