දකුණු කොරියානු අගනුවරට දැඩි හිම පතනයක්

දකුණු කොරියාවේ අගනුවර වන සෝල් නගරයට මෙතෙක් වාර්තා වූ ඉහළම හිම පතනය මේ වසරේ නොවැම්බරයේ දී වාර්තා වී තිබෙනවා .

මේ වන විට නගරය අවම වශයෙන් සෙන්ටිමීටර 16 ක හිම වලින් වැසී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ .

මින් පෙර ඉහළම හිම පතනයක් වාර්තා වී තිබුනේ 1972 වසරේ නොවැම්බර් මාසයේ වන අතර එහි අගය සෙන්ටිමීටර 12.4ක් වනවා .

මේ හේතුවෙන් එරට ගුවන් ගමන් නවතා ඇති බවත්, මාර්ග වසා දමා ඇති බවත්, ප්‍රවාහන සේවා ප්‍රමාද වී ඇති බවත් ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරනවා.

සෝල්හි කාලගුණ අනාවැකි අංශයේ ප්‍රධානී Youn Ki-han, AFP ප්‍රවෘත්ති ඒජන්සියට පැවසුවේ දැඩි හිම පතනයට බටහිර දෙසින් හමන තද සුළං සහ මුහුදු මතුපිට සහ සීතල වාතය අතර සැලකිය යුතු උෂ්ණත්ව වෙනසක් ඇති කිරීමට හේතු වී ඇති බවයි.