මහවැලි ජලාශ රැසක් මේ වනවිට වාන් දමා ඇති බව මහවැලි අධිකාරිය පවසනවා.
බෝවතැන්න, දඹුළුඔය, කලාවැව, රංටැඹේ, ලොග්ගල්ඔය, කොත්මලේ හා වික්ටෝරියා ජලාශ ද මේ වනවිට වාන් දමන බව එම අධිකාරිය නිවේදනය කරනවා.
එසේම ඉදිරි පැය කිහිපය තුළ අධික වැසි ඇද හැලුණහොත් රන්දෙණිගල ජලාශය ද වාන් දමන බව මහවැලි අධිකාරිය පැවසීය.
මෙම ජලාශවල ජලය මහවැලි ගඟට මුදා හරින අතර ඒ හේතුවෙන් එහි ජල මට්ටම ඉහළ යා හැකි වනවා.
මේ පිළිබඳ විමසිලිමත්වන්නැයි මහවැලි අධිකාරිය, මහවැලි ගඟ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට උපදෙස් දෙනු ලබයි.

