මේ වැස්සේ රස්නෙට බොන්න Hot Chocolate Drink

මේ කාලේ ලංකාවේ හැම ප්‍රදේශයකටම වගේ ගොඩක් වැස්ස නේ …

වැස්සත් එක්ක අපේ බොහොමයක් දෛනික වැඩ කටයුතු වලට බාධා එල්ල වෙලා නේ තියෙන්නේ .

ඉතින් කොහොමද මේ සීතලේ ගෙදර ඉන්න ගමන් රස්නෙට බොන්න අලුත් රෙසිපි එකක් ට්‍රයි කළොත්.

මේ රෙසිපි එකට ඕනි හරිම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයක් නිසා ඔයාට ලේසියෙන් මේක හදන්න පුළුවන් .

අවශ්‍ය ද්‍රව්‍ය

කිරි කෝප්ප එකහමාරක්

සීනි මේස හැදි 2

කොකෝවා පවුඩර් මේස හැන්දක්

ඩාක් චොකලට් (තියෙනවා නම් ගොඩක් හොඳයි, හොඳ උකු ගතියක් එනවා drink එකට)

කෝන් පිටි මේස හැන්දක්

ලුණු ස්වල්පයක්

සාදා ගන්නා අන්දම

ඔයා ඩාක් චොක්ලට් භාවිතා කරනවා නම් ඉස්සෙල්ලම චොක්ලට් එක පොඩි කෑලි වලට කපා ගන්න. ඊට පස්සේ ඒක භාජනයක දාලා ලිපේ තියලා හොඳට දිය කර ගන්න.

පස්සේ ඒකට කිරි,කොකෝවා පවුඩර්,සීනි දමා හොඳින් රත් කර ගන්න.

කෝන් පිටි සහ කිරි කෝප්ප බාගයක් හොඳින් මිශ්‍ර කර ඒකත් අර රත් වෙන භාජනයට දා ගන්න .

හොඳින් කැට එකතු වෙන්නේ නැති වෙන්න කලවම් කරන්න.

අන්තිමටම ලුණු පොඩ්ඩකුත් එකතු කර ගන්න . මේකෙන් ඔයාගේ drink එකට අමුතුම රසක් එනවා.

ඔන්න ඔයාගේ රසම රස Hot Chocolate Drink එක ලෑස්තියි .

ඔයාට පුළුවන් ලස්සනට මේකට උඩින් විප්පින්ග් ක්‍රීම් ටිකක් හෝ මාශ්මෙලෝ ටිකක් එකතු කර ගන්නත් .