වර්ෂාවත් සමග මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් රෝගීන්ගේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, මාර්තු සිට මැයි දක්වාත්, ඔක්තෝම්බර් සිට මේ දක්වාත් මී උණ රෝගීන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
පසුගිය කාල සීමාවේ සහ පවතින අධික වර්ෂාවත් සමග ගංවතුර ඇතිවන අවස්ථාවලදී මී උණ රෝගය පැතිරීම ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර, 2024 වසරේ මේ දක්වා කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් පමණක් මී උණ රෝගීන් 500 කට වඩා වැඩි පිරිසක් වාර්තා වී ඇති බවයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ.
එසේම මරණ 35ක් ද වාර්තා වී තිබෙනවා.
දැනුවත් වීම හා පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ග මඟින් වළක්වා ගත හැකි රෝගයක් වන මෙය මේ වන විට වසංගත ස්වරූපයෙන් පැතිර යන්නේදැයි සැක පහළ වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් සදහන් කළේ.


