එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ සැමරුම් උත්සව කිසිවක් පැවැත්වීමේ හැකියාවක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
එම ත්‍රස්ත සංවිධානය මෙරට නීතිය අනුව තහනම් සංවිධානයක් බැවින් එහි ලාංඡන, නිල ඇඳුම් මෙන්ම සාමාජිකයින්ගේ පිංතූර යොදා ගනිමින් සැමරුම් උත්සව පැවැත්වීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.
එසේ වුවද යුද්ධය නිසා මියගිය සිය නෑදෑ හිතවතුන් සිහිකිරීමට උතුර, දකුණ, නැගෙනහිර හෝ කඳුරට වේවා සියලු දෙනාටම අයිතියක් ඇති බව ඔහු පවසනවා.
එමෙන්ම බොහෝ අවස්ථාවල උතුරේ ජනතාව ඥාතීන් සිහිකිරීමට වෙනත් අර්ථකථනයක් දෙන නමුත්, එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානය තහනම් සංවිධානයක් නිසා ඔවුන්ට සැමරුම් කිරීම සඳහා ඉඩකඩක් නොමැති බවයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.

