නාවුල – බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 06ක් විවෘත කරයි

මහවැලි ගඟේ ජල ධාරිතාව ඉහළ යාමත් සමග නාවුල – බෝවතැන්න ජලාශයේ වාන් දොරටු 06ක් අද උදෑසන විවෘත කර තිබෙනවා.

ඒ හේතුවෙන් මොරගහකන්ද දක්වා දිවෙන අඹන් ගඟ දෙපස ජනතාව සැළකිලිමත් වන ලෙසයි ජලාශය භාර ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්න කියා සිටියේ.

ඇඳහැළෙන අධික වර්ෂාවත් සමඟ කාසල්රි සහ මාවුස්සාකැලේ යන ජලාශවලද ජල මට්ටම පිටාර මට්ටමට ළගාවී ඇතැයි වාර්තා වෙනවා.