2025 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රීඩක වෙන්දේසිය මේ වනවිට සෞදි අරාබියේ ජෙඩා නුවරදී පැවැත්වෙනවා.
එහිදී, ඉන්දීය රුපියල් කෝටි 27.00 කට අලෙවි වූ ඉන්දියාවේ Rishabh Pant IPL ඉතිහාසයේ මේ වනවිට වැඩිම මුදලකට අලෙවි වූ ක්රීඩකයා බවට පත්වීමට සමත් වුණා.
ඔහුව මිලදීගනු ලැබුවේ Lucknow Super Giants කණ්ඩායම විසින්.
එමෙන්ම, එහි දෙවන ස්ථානය ඉන්දීය ක්රීඩක ශ්රේයාස් අයියර් හිමිකරගෙන ඇති අතර, ඒ ඉන්දීය රුපියල් කෝටි 26.75ක්.
ඉන්දියන් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය අද (24) සහ හෙට දිනවලදී පැවැත්වෙනවා.
ලබන වසරේ මාර්තු මස 14 වැනිදා සිට මැයි 25 වැනිදා දක්වා ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිතයි.
ඉන්දියාවෙන් පිටතදී පැවැත්වෙන දෙවන ක්රීඩක වෙන්දේසිය මෙය වන අතර, ඊට ක්රීඩකයින් 1574ක් ලියාපදිංචිව සිටිනවා.
කෙසේවෙතත්, ඒ සදහා තෝරාගෙන ඇත්තේ ක්රීඩකයින් 574ක් පමණයි.
ඉන් ක්රීඩකයින් 366 දෙනෙකු ඉන්දීය ක්රීඩකයින් වන අතර ඉතිරි 208 දෙනා විදෙස් ක්රීඩකයින්.

