2023 වර්ෂයේදී මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ආදායමට වඩා වියදම අට ගුණයකින් ඉහළ ගොස් ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.
එම කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවට අනුව පසුගිය වසරේ එහි මෙහෙයුම් වියදම රුපියල් මිලියන 2, 412.09 ක් වූ අතර, ආදායම වන්නේ රුපියල් මිලියන 288කි .
ඒ අනුව, එම ගුවන් තොටුපළ 2023 වර්ෂයේදී රුපියල් මිලියන 2, 124ක පාඩුවක් ලබා තිබෙනවා.
2018 වර්ෂයේ සිට 2023 දක්වා වසර 06ක කාලය තුළදී බදු ගෙවීමෙන් පසු මත්තල ගුවන් තොටුපල ලබා ඇති සමුච්චිත ශුද්ධ පාඩුව රුපියල් මිලියන 38, 489ක් වනවා.
එමෙන්ම, එම ගුවන් තොටුපළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව මිලියනයක් වුවද පසුගිය වසර 06 තුළ එහි පැමිණ ඇත්තේ, මගීන් 190 ත් 750ත් අතර ප්‍රමාණයක් බවද විගණන වාර්තාව මගින් අනාවරණ කර තිබෙනවා.
වසර 06ටම ක්‍රියාත්මක වී ඇති මුලු ගුවන් ගමන් සංඛ්‍යාව වාර 2,182ක් පමණක් වනවා.
ඒ අනුව, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම සදහා වැය කර ඇති රුපියල් මිලියන 35,364ක මුදල ඵලදායී ලෙස භාවිත කර නොමැති බවටයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

