තුන්වන ලෝක යුද්ධය දැනටමත් ආරම්භ වී ඇතැයි තමන් විශ්වාස කරන බව යුක්රේනයේ හිටපු හමුදා ප්‍රධානී Valery Zaluzhny පවසනවා .
රුසියානු යුක්රේන ගැටුමට, රුසියානු මිත්‍ර පාක්ෂිකයින්ගේ සෘජු මැදිහත්වීම හරහා එය තහවුරු වන බවයි ඔහු කියා සිටියේ .
Ukrainska Pravda හි UP100 සම්මාන උළෙලට එක් වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.
උතුරු කොරියාවේ සොල්දාදුවන් යුක්රේනයට එරෙහිව සටන් කරන බවත් , යුක්රේනයේ සිටින ඉරාන ‘ෂහෙඩිස්’ සිවිල් වැසියන් ඝාතනය වන බවත් ඔහු මෙහි දී අනාවරණය කළා .
උතුරු කොරියානු හමුදා සහ චීන ආයුධ දැන් යුද්ධයට සක්‍රීයව දායක වන බවත් ඔහු මෙහි දී වැඩිදුරට අදහස් දක්වමින් සඳහන් කර සිටියා .
Zaluzhny පෙන්වා දෙන්නේ මොස්කව් කර්ස්ක් කලාපයට උතුරු කොරියානු හමුදා 10,000 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවත් යුක්රේනයට එරෙහිව ඉරාන ඩ්‍රෝන යානා සහ අනෙකුත් දියුණු ආයුධ භාවිතා කළ බවත් ය .
මේ හේතුවෙන් මෙම ගැටුම යුක්රේනයට තනිවම ජයග්‍රහණය කළ හැකි ද යන්න සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව ද ඔහු මෙහි දී සඳහන් කළා .

