IPL අදියර තුනකට දින නියම වෙයි

ඉන්දීය ප්‍රිමියර් ක්‍රිකට් ලීගයේ (IPL) 2025 අදියර ඇතුළුව ඉදිරි තරගාවලි 3ක් පැවැත්වෙන කාලසීමාවන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් නිවේදනය කර තිබෙනවා.

මෙය තරඟාවලියට ආසන්නව කාලසටහන් නිකුත් කිරීමේ සුපුරුදු පුරුද්දෙන් බැහැරවීමක් ලෙස දැක්විය හැකි වනවා.

ඒ අනුව එළඹෙන 2025 අදියර මාර්තු 14 වනදා සිට මැයි 25 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

එමෙන්ම 2026 තරගාවලිය එම වර්ෂයේ මාර්තු 15වනදා ආරම්භ වී මැයි 31 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

2027 තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ එම වසරේ මාර්තු 14 වනදා සිට මැයි 30 වනදා දක්වා බවයි වාර්තා වන්නේ.

මේ අතර Cricbuzz වාර්තාවකට අනුව, BCCI විසින් එංගලන්තයේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෆ්රා ආචර් ඉදිරි IPL වාර තුන සඳහාම තරඟ කරන බව තහවුරු කර තිබෙනවා .