
අපි අපේ තොල් ස්ක්‍රබ් කරන්නෙ තොල්වල තියෙන මැරුණ සෛල ඉවත් කරලා තොල්වලට පැහැපත් සහ නිරෝගී බවක් ලබාගන්න. විවිධ මිල ගණන් යටතේ වෙළෙඳපොළේ ලිප් ස්ක්‍රබ් වර්ග තිබුණත් ගෙදරදිත් ලිප්ස් ස්ක්‍රබ් එකක් හදාගන්න එක එච්චර අමාරු නෑ.
තොල් හානිවෙන්න දේශගුණික විපර්යාස, අධික හිරු කිරණ, වැරදි තොල් සත්කාර වගේම ආතතියත් බලපානවා. ඒ නිසා සතියකට වතාවක් හෝ දෙවතාවක් ලිප් ස්ක්‍රබ් එකක් කරගන්න එක ගොඩක් වැදගත්.
ඒ වගේම තොල් වල තියෙන සම ඉතාම තුනී සහ සියුම් නිසා අපි ඒවා මතට දෙහි බින්දු වගේ සැර දේවල් භාවිතා කරන්න හොඳ නැහැ . එහෙම වුණොත් නම් තොල් තුවාල වෙලා තවත් අවපැහැ වෙන්න බලන්න පුළුවන් .
එහෙනම් අපි බලමු ගෙදර තියෙන අමුද්‍රව්‍ය භාවිතා කරලා කොහොමද ලේසියෙන් ස්ක්‍රබ් එකක් හදා ගන්නේ කියලා .
මී පැණි සහ සීනි ලිප් ස්ක්‍රබ්
සීනි තේ හැඳි දෙකක් සහ මී පැණි තේ හැන්දක් පිරිසිදු බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරන්න. එම මිශ්‍රණය තොල් මත ගල්වා සම්භාහනය කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
මේකෙන් ඔයාට මෘදු වගේම පැහැපත් තොල් දෙකක් ලබා ගන්න පුළුවන් .
ලිප් බාම් ලිප් ස්ක්‍රබ්
ඔයා පාවිච්චි කරන ඕනම ලිප් බාම් එකක් ඝනට තොල් මත ආලේප කරගන්න. පසුව පිරිසිදු දත් බුරුසුවකින් රවුමට, සෙමින් තොල් මැදගන්න.
ගොඩක් හයියෙන් කරන්න යන්න එපා , සහ මෘදු කෙඳි තියෙන දත් බුරුසුවක් (පොඩි අයට තියෙන එකක් වගේ) අර ගන්නවා නම් වඩාත්ම සුදුසු වෙනවා .
ඕට්මීල් ලිප් ස්ක්‍රබ්
ඕට්ස් කෝප්ප බාගයක්, සීනි කෝප්ප කාලක්, මී පැණි තේ හැන්දක් සහ එළවළු තෙල් කෝප්ප කාලක් සමග හොඳින් මිශ්‍රකර තොල් මත ආලේප කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න.
දුඹුරු සීනි ලිප් ස්ක්‍රබ්
දුඹුරු සීනි තේ හැන්දක්, සුදු සීනි තේ හැන්දක්, මී පැණි තේ හැන්දක් සහ ඔලිව් තෙල් තේ හැඳි බාගයක් සමඟ හොඳින් මිශ්‍රකර තොල් මත ආලේප කර විනාඩි දහයක් පමණ තබන්න.
මේකට ඔලිව් තෙල් නැත්නම් ඔයාට පිරිසිදු පොල් තෙල් වුණත් ගන්න පුළුවන් .
කෝපි ලිප් ස්ක්‍රබ්
සිහින් කෝපි කුඩු තේ හැන්දක්, කුඩුකළ සීනි තේ හැන්දක්, පොල්/ ඔලිව් හෝ ජොජෝබා තෙල් තේ හැන්දක් සහ මී පැණි තේ හැඳි බාගයක් මිශ්‍රකර තොල් මත ආලේප කර සම්බාහනය කරන්න.

ස්ට්‍රෝබෙරි ලිප් ස්ක්‍රබ්
ස්ට්‍රෝබෙරි ගෙඩියක් හොඳින් පොඩි කර එයට පොල්තෙල් තේ හැඳි භාගයක්, සීනි තේ හැඳි 2ක, මී පැණි තේ හැඳි බාගයක් දමා මිශ්‍රකර තොල් මත ගල්වා සම්භාහනය කරන්න.
වැස්ලින් ලිප් ස්ක්‍රබ්
වැස්ලින් තේ හැන්දක්, දුඹුරු සීනි තේ හැඳි බාගයක්, මී පැණි තේ හැන්දක් සහ වැනිලා බිංදු තුනක් සමඟ හොඳින් මිශ්‍රකර තොල් මත ආලේප කරන්න. පසුව මද රස්නේ වතුරෙන් සෝදා හරින්න.
පිපිඤ්ඤා සහ දුඹුරු සීනි ලිප් ස්ක්‍රබ්
පිපිඤ්ඤා කැබැල්ලක් ග්‍රේට්කර එයට දුඹුරු සීනි තේ හැන්දක් දමා මිශ්‍ර කරගන්න. එය තොල් මත ගල්වා රවුමට සම්බාහනය කර විනාඩි දහයක් පමණ තිබෙන්නට හැර මද රස්නෙ වතුරෙන් සෝදා හරින්න.
ඔයාට තියෙන්නේ වියලි තොල් දෙකක් නම් මේ ක්‍රමය ගොඩක් හොඳයි .
ලිප් ස්ක්‍රබ් එකක් කරලා ඉවර වුණාම අනිවාර්යයෙන් ම ලිප් බාම් එකක් ආලේප කිරීම වැදගත් වෙනවා . මොකද ස්ක්‍රබ් එක හරහා අපි අපේ මැරුණු සෛල ඒ කියන්නේ ඝනකම් ස්තරය ඉවත් කරලා නේ තියෙන්නේ . ඒ නිසා ඔයාගේ තොල් දෙක හොඳ තෙතමනයට පවත්වා ගෙන යන්න අනිවාර්යයෙන් ලිප් බාම් එකකුත් භාවිතා කරන්න .
ඔයාට පුළුවන් ලිප් බාම් එකක් වෙනුවට ඔලිව් තෙල් හෝ තල තෙල් වගෙත් ආලේප කරලා තියන්න .


