චන්ද්‍රයන්ගේ සාගර වල කිමිදිය හැකි අමුතු රොබෝ කෙනෙක්

සෙනසුරුගේ Enceladus සහ බ්‍රහස්පතිගේ Europa වගේ චන්ද්‍රයන් හි ඉතාම ගැඹුරේ සාගර තියෙනවා කියලා මේ වෙනකොට අනාවරණය කර ගෙන තියෙනවා .

ඉතින් ඒ සාගර වල කිමිදිලා ඒවා ගවේෂණය කිරීම සඳහාත් මේ වෙනකොට රොබෝ කෙනෙක් නිෂ්පාදනය කරලා ඉවරයි .

මේ අපූරු රොබෝ නිර්මාණය කරලා තියෙන්නේ Jet Propulsion Laboratory (JPL) විසින්.

Sensing With Independent Micro-swimmers (SWIM) යන සංකල්පය මත මෙම රොබෝ නිර්මාණය කරලා තියෙනවා .

මෙහි බර කිලෝග්‍රෑම් දෙකකට වඩා වැඩි වන අතර දිග අඟල් 16.5 කට ආසන්න ප්‍රමාණයක් වනවා .

මෙම රොබෝ යන්ත්‍ර තුළ දිය යට සැරිසැරීමට සන්නිවේදන සහ GPS පද්ධති සහ සාගරවල ඇති රසායනික ද්‍රව්‍ය පිළිබඳ විමර්ශනය කරන උපකරණ ද ඇතුලත් කර තිබෙනවා .