ලබන වසරේ අයවැය මගින් අස්වැසුම දීමනා සහ රාජ්ය සේවක වැටුප් ඉහළ දමන බව ජනපති අනුර කුමාර දිසානායක පැවසුවා.
ජනාධිපතිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ අභිනව පාර්ලිමේන්තුවේ 10වැනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයට සමගාමීව රාජාසන කතාව ඉදිරිපත් කරමින්.
එමෙන්ම පාසල් උපකරණ හා පොත් මිලට ගැනීමට දීමනාවක් ලබාදෙන බවත් ජනපතිවරයා එහිදී කියා සිටියා.

