SpaceX යානයේ හයවැනි පියාසැරි පරීක්ෂණයත් සාර්ථකව අවසන් වෙයි

මෙතෙක් නිපදවා ඇති වඩාත්ම බලගතු රොකට්ටුව වන Elon Musk ගේ SpaceX අභ්‍යාවකාශ යානයේ 6 වැනි පියාසැරි පරීක්ෂණයද සාර්ථකව නිම කර තිබෙනවා.

අඩි 400කට ආසන්න උස සුපර් හෙවි බූස්ටරය මත ගොඩගැසී ඇති ස්ටාර්ෂිප් අභ්‍යවකාශ යානය ටෙක්සාස් හි Brownsville අසල කාර්මික සංකීර්ණයේ සිට පියාසර කර තිබෙනවා .

මෙම අවස්තාව සඳහා ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ද සහභාගී වී සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

කාර්ය මණ්ඩල රහිත මෙම Space X අභ්‍යාවකාශ යානය 2026 වසරේ දී අභ්‍යාවකාශ ගත කිරීමට සැලසුම් කර තිබෙනවා .