ශ්‍රී ලංකා සහ නවසීලන්ත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද

සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත තුන්වැනි එක්දින ක්‍රිකට් තරගය අද(19) පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා .

තරග 3කින් සමන්විත තරගාවලිය තරග 2ට 0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් ජය තහවුරු කරගෙන අවසන්ය.

දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් මෙම තරගයෙන් කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක, කමිඳු මෙන්ඩිස් සහ අසිත ප්‍රනාන්දු නිදහස් කර තිබෙනවා.

ඔවුන් වෙනුවට ශ්‍රී ලංකා සංචිතයට නුවනිදු ප්‍රනාන්දු, ලහිරු උදාර සහ එෂාන් මාලිංග යන අය තරඟයට එක් කර තිබෙනවා.

තරගය අද(19) පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.