පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි .

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ඊයේ පෙරවරුවේ දිවුරුම් දුන් අතර ඊට අමාත්‍යවරුන් 22 දෙනෙකු ඇතුළත්ය.

මේ අතර නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා දිනයේ දිවුරුම් දීමට නියමිතව ඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් නියෝජ්‍ය අමාත්‍යවරුන් ප්‍රමාණය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැත.