ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමු පුද්ගලයෙකු අත්අඩංගුවට

වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක දී ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමු පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වු අදාළ පුද්ගලයා ඡන්ද පත්‍රිකාව ලබාගෙන මනාප අංක අමතක වී යැයි පවසා එම මධ්‍යස්ථානයෙන් පිටතට යාමට එහි සිටි නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා තිබෙනවා.

කෙසේවෙතත් ඊට අවසර ලබා දිය නොහැකි බවට එම නිලධාරීන් පැවසීම හේතුවෙන් ඔහු සිය ඡන්ද පත්‍රිකාව ඉරා දමා ඇති බව පොලීසිය පැවසුවේය.