අමෙරිකාවේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව ජාතික ආරක්ෂක උපදේශක ලෙස එරට හමුදා ප්‍රභූ විශේෂ බලකායේ මෙන්ම කොංග්රස් සභිකයෙකුවන Mike Waltz (මයික් වෝල්ට්ස්) පත් කර තිබෙනවා.
ඔහු මේ වන විට 50 හැවිරිදි වියේ පසුවනවා .
ඔහු 2019 වසරේ සිට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජිකයෙකු වශයෙන් ද කටයුතු කර ඇත.
පසුගිය මැතිවරණ සමයේ, ජනාධිපති ජෝ බයිඩන්ගේ විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනයට ලක් කළ මයික් වෝල්ට්ස් ඩොනල් ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන් කටයුතු කළ අයෙකු වනවා.

