මැතිවරණය නිරීක්ෂණයට විදේශයෙන් නිරීක්ෂකයන් 20ක්

පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයින් 20කට අධික පිරිසක් එක්වන බව මැතිවරණ කොමිසම පවසනවා

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා සඳහන් කළේ, දකුණු ආසියානු රටවල නිරීක්ෂකයින් ඇතුළු තවත් රටවල පිරිසක් ඊට එක්වන බවයි.

මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් මෙරටට පැමිණෙන විදෙස් නිරීක්ෂකයින් ගණන 10ක් වනවා.

අදාළ නිරීක්ෂකයින් රුසියාව සහ තායිලන්තය ඇතුළු රටවලින් මෙරටට පැමිණ තිබේ.

ඔවුන් අද(12) කොමිසම හමුවී සිය නිරීක්ෂණ ආරම්භ කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මේ අතර නිදහස් මැතිවරණය සඳහා වූ ආසියානු ජාලයේ නිරීක්ෂකයින් ඊයේ මැතිවරණ කොමිසම හමුවී සිය නිරීක්ෂණ කටයුතු ආරම්භ කළ බව ද මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක මහතා ප්‍රකාශ කළේ ය.