පාකිස්තානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්

පකිස්ථානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ දුම්රිය ස්ථානයක බෝම්බයක් පුපුරා යාමෙන් අවම වශයෙන් පුද්ගලයින් 25 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා .

එසේම තවත් 50 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා .

දුම්රියක් නිරිතදිග පකිස්ථානයේ ක්වෙටා දුම්රිය ස්ථානයෙන් පෙෂාවර් බලා පිටත් වීමට සූදානම්ව සිටියදී මෙම පුපුරා යාම සිදු වී තිබෙනවා .

මෙම ප්‍රහාරයේ වගකීම Balochistan Liberation Army නම් කණ්ඩායම විසින් භාර ගෙන ඇති බව එරට පොලිසිය සඳහන් කරනවා .

කිලෝග්‍රෑම් 6-8ක් බරැති පුපුරණ ද්‍රව්‍ය රැගෙන ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් මෙම ප්‍රහාරය සිදු කරන්නට ඇති බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන මුහම්මද් බලුච් පවසන්නේ .