Donald Trump ඇමරිකානු ජනාධිපතිවරණයේ ජය තහවුරු කරයි

අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති අපේක්ෂක Donald Trump ජනාධිපතිවරණයේ ජය තහවුරු කර තිබෙනවා .

මෙතෙක් ප්‍රකාශිත මැතිවරණ පුරෝකථනවලට අනුව හිටපු අමෙරිකානු ජනාධිපති, ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද විද්‍යාල ආසන 267ක් දිනා ඇති අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ උප ජනාධිපතිනී කමලා හැරිස් දිනා ඇත්තේ ආසන 224ක් පමණක් වනවා .

ඒ අනුව 2024 අමෙරිකානු ජනාධිපති තමන් ජයගත් බවට ෆ්ලොරිඩාහි, රිපබ්ලිකන් පක්ෂ ප්‍රධාන මූලස්ථානයේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියා.
 
හිටපු ජනාධිපති ට්‍රම්ප් එහිදී පැවසුවේ අමෙරිකානු ජනතාව පෙර නොවූ තරම් ජන වරමක් තමන් වෙත ලබා දී ඇති බවය.

ජනාධිපතිවරණ සටනේ ඉතාමත් තීරණාත්මක ප්‍රාන්ත අතරින් ජෝර්ජියා, උතුරු කැරොලිනා සහ පෙනිසල්වේනියා ප්‍රාන්තවල ජය හිටපු ජනාධිපති ට්‍රම්ප් සතුව ඇතැයි පුරෝකථන පෙන්වා දෙයි.

එමෙන්ම සෙනට් සභාවේ බලයත් නැවතත් තමන් සතුකර ගැනීමට රිපබ්ලිකන් පක්ෂය මේ වනවිට සමත්ව ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.