ස්පාඤ්ඤ ගංවතුර මිය ගිය සංඛ්‍යාව ඉහළට

ස්පාඤ්ඤයේ ගිනිකොණදිග ප්‍රදේශයට බලපෑ වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 205 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙම මරණ වලින් වැඩි පිරිසක් මාරක මරණ වැලෙන්සියා කලාපයේ සිදු වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .

ගංවතුර තත්ත්වයේ බලපෑම හමුවේ අතුරුදන්ව ඇති පුද්ගලයින් ගලවාගැනීම් සඳහා මේ වනවිට යොදවා ඇති ආරක්ෂක භට පිරිසට අමතරව තවත් භටයන් 500ක්, සහ ඩ්‍රෝන යානා කිහිපයක් ද යොදවා තිබෙනවා .

එමෙන්ම ඊයේ පස්වරුව වන විට විපතට පත් 4,500කට වැඩි පිරිසක් බේරාගෙන ඇති අතර, මේ හේතුවෙන් තවත් ජීවත්වී සිටින පුද්ගලයින් සොයා ගැනීම අපේක්ෂා කළ නොහැකි බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.

ගංවතුර හේතුවෙන් එරට පාලම් සහ ගොඩනැගිලි විනාශ වී ගොස් ඇති අතර බොහෝ පිරිසකට විදුලිය ද නොමැති වී තිබෙනවා .