දශක ගණනක් වැසුණු මාර්ගයක් යළි විවෘත වෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි ඊයේ (01) පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය විවෘත කර තිබෙනවා.

වසර තිහක් පැවති යුද තත්ත්වය හේතුවන් මෙම ප්‍රධාන මාර්ගය වසා දමා දැමීමට කටයුතු කරනු ලැබුවා .

කෙසේවෙතත් යුද්ධය අවසන් වී වසර 15කට වැඩි කාලයක් ගත වූ නමුත් මෙම මාර්ගය මහ ජනතාවට විවෘත නොවිණ.

මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් උතුරු පළාත් ජනතාව විසින් නිරන්තර ඉල්ලීම් සිදු කර තිබෙනවා .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ආණ්ඩුකාරවරුන් අතර පසුගිය ඔක්තෝබර් 22වෙනිදා පැවති සාකච්ඡාවේදී උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වේදනායගම් මහතා ද ජනාධිපතිවරයාගෙන් මේ පිළිබඳ ඉල්ලීමක් සිදු කළේ ය.

ඒ අනුව මෙම මාර්ගය විවෘත කිරීම සම්බන්ධයෙන් පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බලා අදාළ කටයුතු සිදු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහි දී ආරක්ෂක අංශවලට උපදෙස් ලබා දී තිබෙනවා

එම කරුණු සම්බන්ධයෙන් සොයා බැලා ආරක්ෂක අමාත්‍යාංශයේ හා ආරක්ෂක ලේකම්වරයාගේ මැදිහත්වීමෙන් මෙම මාර්ගය විවෘත කිරිමට පියවර ගෙන තිබෙනවා.