පළාත් පහක දමිළ පාසල්වලට අද නිවාඩු

ඌව, මධ්‍යම, නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත් දෙමළ මාධ්‍ය පාසල්වලට අද(01) විශේෂ නිවාඩුවක් ලබා දී තිබෙනවා .

ඒ , ඊයේ දිනයට යෙදුණු දීපවාලි උත්සවය හේතුවෙන් ය.

ඒ වෙනුවෙන් නොවැම්බර් 09 වැනිදා හිලව් දිනයක් ලෙස පාසල් පවත්වන බවයි පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සඳහන් කළේ.