නොවැම්බර් මාසයට අදාළව මාසික මිල සූත්‍රයට අනුව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.
නව රජය පත්වීමත් සමග පළමුවරට සැප්තැම්බර් 30 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්තෝබර් මාසයට අදාළව ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරුනා .
එහිදී ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21 කින් අඩුවුණා.
ඒ අනුව, එම පෙට්‍රල් ලීටරයක් මේ වන විට අලෙවි වන්නේ රුපියල් 311කටයි.
කෙසේ වෙතත්, එම අවස්ථාවේ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිදු වෙනසක් සිදුවුණේ නැහැ.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24 කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 283 ක් වූවා.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33 කින් අඩුවූ අතර එහි නව මිල රුපියල් 319 ක් වනවා.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19 කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 183ක් ලෙස දැක්වුණා.

