මෙරට වී තොග පිළිබඳ වාර්තාව මේ සතිය තුළ ජනාධිපතිවරයාට භාර දෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරනවා.
එම අධිකාරිය පැවසුවේ, වී හා සහල් තොග සමීක්ෂණය කිරීම මේ දිනවල සිදු කෙරෙන බවය.
අනුරාධපුර පොළොන්නරුව හා අම්පාර ඇතුළු දිස්ත්‍රික් කිහිපයක එම කටයුතු ක්‍රියාත්මක වනවා.
සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින වී තොග මෙන්ම මහා පරිමාණ වී මෝල් හිමියන් සතුව පවතින තොග ද මේ යටතේ ගණන් ගැනෙනු ඇති.
මේ අතර පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කරන ස්ථාන සොයා වැටලීම් ද මේ වනවිට ආරම්භ කර ඇති බවයි පාරිභෝගික කටයුතු අධිකාරීය පැවසුවේ.
නාඩු සහල් සඳහා රුපියල් 220ක පාලන මිලක් පනවා ඇති අතර පාලන මිල ඉක්මවා නාඩු සහල් අලෙවි කළ හොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පාරිභෝගික කටයුතු අධිකාරිය අවධාරණය කරනවා.

