දෙමළ ජනතාවගේ වැදගත් උත්සව අවස්ථාවක් වන දීපාවලී වෙනුවෙන් රාජ්‍ය වැවිලි සමාගම් විසින් වාර්ෂිකව ලබාදෙන උත්සව දීමනාව රුපියල් දසදහසකින් ඉහළ දමා තිබේ.
ඒ අනුව එම දීමනාව රුපියල් 20,000 දක්වා ඉහළ යනු ඇත.
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය සඳහන් කළේ, දමිළ කම්කරු ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව පහළ අගයක පැවතීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවය.

