ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා.
ඒ ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි 27 වනදා ආරම්භ වීම හේතුවෙනුයි.
පාසල් වාර සටහන සම්බන්ධයෙන් 1997 අගෝස්තු මාසයේ නිකුත් කර ඇති චක්රලේඛනයට අනුව වර්ෂයකට දින 210ක් පාසල් පැවැත්විය යුතුයි.
කෙසේ වෙතත් ලබන වසරේදී රජයේ හා රජයේ අනුමත සියලුම පාසල්, අනුමත පිරිවෙන් පැවැත්වීමට හැකියාව ඇත්තේ දින 181ක් පමණක් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ
එමෙන්ම 2024 අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතයි.

