පසුගිය දින කිහිපය තුළ ඉන්දියාවේ අගනුවර වන දිල්ලි හි වාතයේ ගුණාත්මක භාවය දරුණු හා අතිශයින් දුර්වල මට්ටමකට පිරිහී ඇතැයි වාර්තා වෙනවා.
පසුගිය සතියේ නගරයේ ස්ථාන කිහිපයක පරිසර දූෂණ මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) නිර්දේශ කළ ආරක්ෂිත සීමාව මෙන් 25-30 ගුණයක් ඉක්මවා ගොස් ඇති බවයි විදේස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
එළඹෙන බ්‍රහස්පතින්දා සමරන දීපවාලි උත්සවයේදී රතිඤ්ඤා භාවිතය සහ අසල්වැසි ප්‍රාන්තවල වගා අවශේෂ ගිනි තැබීම් හේතුවෙන් ඉදිරි දිනවලදී මෙම තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි විශේෂඥයින් අනතුරු අඟවා තිබෙනවා.
පෙණහලුවලට ගැඹුරට ඇතුළු වී රෝග රාශියක් ඇති කළ හැකි කුඩා අංශු මාත්‍ර (PM 2.5 ලෙස හැඳින්වේ) මට්ටම් සමහර ප්‍රදේශවල ඝන මීටරයකට මයික්‍රො ග්‍රෑම් 350 දක්වා ඉහළ ගොස් ඇති බව රජය විසින් පවත්වාගෙන යනු ලබන සෆාර් වෙබ් අඩවියේ දත්ත පෙන්වා දෙනවා.
දිල්ලි සහ උතුරු ඉන්දියාවේ නගර කිහිපයක් සෑම වසරකම ඔක්තෝබර් සහ ජනවාරි අතර අධික වායු දූෂණයක් වාර්තා වනවා .

