තුන්වන වතාවටත් විදුලිබිල අඩු කිරීමේ යෝජනාවලියක් ඉදිරිපත් කරයි

විදුලි බිල අඩු කිරීමේ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට ඉදිරිපත් කළ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා.

එම මණ්ඩලය පැවසුවේ , දැනට පවතින මිල සූත්‍රය අනුව එම යොජනාවලිය සකස් කළ බවයි.

මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාවලිය සලකා බලා අනුමැතිය දීමෙන් පසුව විදුලි බිල අඩු කිරිමේ ප්‍රතිශතයන්ට ප්‍රකාශයට පත් කෙරෙනු ඇති.

විදුලි බිල අඩු කිරීම සඳහා විදුලි බල මණ්ඩලය මේ වසරේ යෝජනාවලියක් ඉදිරිපත් කරන තුන් වැනි අවස්ථාව මෙය වනවා.